
තාක්ෂණය!!! මේක නම් මහ අරුම පුදුම මාතෘකාවක්. අවුරුදු ගාණක් වුනත් එකදිගට කථා කර කර ඉන්න පුළුවන්. මොකද අපි ඉන්න වටපිටවේ කොහෙ බැලුවත් තියෙන්නේ තාක්ෂණයනේ. ඉතිං, අද මං අදහස් කලා අලුතින්ම ආපු තාක්ෂණයක් ගැන කතා කරන්න. ඔයාල දන්නවනේ වයර්ලර්ස් තාක්ෂණයන් ගැන. එ කිවුවේ රෑහැන් රහිත තාක්ෂණයන් ගැනයි. අද වෙනකොට ලෝකයෙ වැඩිම අවදානය දිනාගත්තු තාක්ෂණික ක්‍රමයක් තාම මේ වයර්ලර්ස් තාක්ෂණය. මේ අතරිනුත් ඉහළම තැන තියෙන තාක්ෂණික උපාංග දෙකක් තියෙනවා. එ තමා බ්ලුටූත් සහා වයි-ෆයිකියන තාක්ෂණයන් දෙකයි. මීට අමතරව තවත් තාක්ෂණයන් තියෙනවා.. පිළිවෙලින් බැලුවොත් වයිමැක්ස්, ඉන්ෆාරෙඩ්, N.F.C, ඩෙක්ට්(කැට්), U.W.D, ව්යිබ්‍රී, සිග්බී... etc
ඔයාල දන්නවද දැන් අලුතින්ම තාක්ෂණයක් ඇවිත් තියෙනවා ට්‍රාන්ස්ෆර්ජෙට් (Transfer Jet) කියලා.මේක තමය මං දන්න තරමින් දැන් එන අලුත්ම තාක්ෂණික උපකරණ වලට එන්නේ... මොන දේ කියන්නත් කලින් මේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය හොයාගත්තු Sony සමාගමට ස්තූති වෙන්න ඕනේ.

මේ ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂණය අයත් වන්නේ සී.පී.ඩබ්.ටී (CPWT - Close Proximity Wireless Technology) කියන තාක්ෂනික කාණ්ඩයටයි.... මෙම තාක්ෂණය ඉතා සරල භාවිතයත්/ අරක්ෂාකාරි සම්බන්ධතාවයක් / කාර්යක්ෂමතාවයටයි උපකාරි වෙනවා.
මෙන්න ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය සහිත උපකරන කිපයක් මෙතන...
මේ ගැන ඔයාල දන්න දේවල් හා ඔයාලගේ අදහස් මේ ලිපියට එක් කරන්වනම් කටත් ගොඩාක් වැදගත් වෙවි...
No comments:
Post a Comment