
අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් දෙන්නයි යන්නෙ!!!!!! සමහරක් විට ඔයාල මේ ගැන දන්නවත් ඇති. නොදන්නවත් ඇති. දන්න නොදන්න හැමෝම එහෙනම් අහගන්නකො... අද මං කියන්න යන්නේ OS ගැන (Operating Systems) පොඩි කථාවක්. ඔයාල කවුරුත් දන්නවනේ Machine එකකට OS එකක් නැතුවම බැහැ කියලා. Machine එකක් OS එකක් නැතුව වැඩ කරන්නෙම නැහැ. එක ඕන පොඩි එකෙක් දන්නවා. එත් ඔයාල හිතුවද එක Machine එකක් OS කිහිපයක් එක්ක වැඩ කරන්න..?? ඕන්න ඔය දේ ගැන තමා අද කියන්නේ...

ඇත්තටම මේක හරි පහසු වැඩක්. මේක Virtual Machine software එකක්. මේකේ නම තමා VMWare Workstation. මේක පාවිච්චි කරලා OS ගොඩක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලගෙ PC එකේ දැන් තියෙන්නෙ Windows 7 OS එක කියල හිතමුකො. ඔයාලට Fedora වගේ තවත් OS එකකුත් use කරන්න ඕන උනොත් සාමන්‍යයෙන් නම් අපිට කරන්න වෙන්නේ වෙනම Partition එකකට Fedora install කරලා Fedora වලින් boot කරන්නයි. ඒත් මේ software එකෙන් එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. Windows 7 ඇතුලේ ඉඳගෙනම Fedora වල වැඩ කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ Windows 7 වලින් VMWare install කරලා VMWare එක හරහා Fedora install කරන එකයි. ඊට පස්සෙ VMWare එකෙන් Fedora boot කරන්න පුලුවන්. හරි සරලයි. එක ඔයලාට මේක කරල බලද්දිම තේරෙයි.

Software එක මෙතනින් බා ගන්න.
එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් ගිහින් එන්නම්
එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් ගිහින් එන්නම්
No comments:
Post a Comment