Wednesday, 29 June 2011

IMAGE 2U TeXt පින්තුර අකුරු බවට පත් කිරීම.

  ¸.•´¸.•*¨) ¸.•*¨)
(¸.•´ (¸.•´ .•´  ¸¸.•¨¯`•.        පින්තුර අකුරු බවට පත් කිරීම -   IMAGE 2U TeXt
                                        
                                              ☻/
ඉතින් කොහොමද  යාලුවනේ   . /▌....................ඔන්න තවත් Software එකක් අරගෙන අවා ... 

                                              / \ 
මේ ගැන  දන්න අයත් ඕන තරම් ඇති. කොහොම උනත් ඔන්න නොදන්නා අයට මේක ගොඩක් වැදගත් වෙයි .මේක ටිකක් විනෝදාත්මක වැඩක් 

මේකට කියන්නේ "Ascgen 2" කියල ඉතින් මේකෙන් කරන්නේ  ඔයාලගේ තියන ඕනෑම පින්තුර වර්ගයක්  ඒ කිව්වේ මේවා    bmp , .rle , .dib , .exif , .gif , .jpg , .jpeg , .jpe , .png , .tif , .tiff , .wmf , .emf
මේ  පින්තුර වර්ග ඔයාලට ඕන ව්දිහට "IMAGE TEXT ART" වලට අකුරු  කරන්න පුළුවන් .... තේරුනාද මන්ද .

මෙන් මේ  වගේ........... 
                                        
                                       ඉතින් කොහොමද......... වැඩේ... නරකද

මෙතනින් බා ගන්න...

             ඔතනින්ම  මේක හදපු Source Code පවා ගන්න පුළුවන්. .NET දන්නවනම් ඔන්න වැඩක්..!

මුල් පිටුවට.........

Friday, 25 March 2011

පරිඝණකයට වින කරන files delete කරමු...!!!!!


 

අද මං කියන්න යන්නේ ඔයාල කාටත් වැදගත් වෙන දෙයක් ගැනයි. එ තමයි Windows වලට හානි වන සමහරක් file, delete කරන්න බැරි ගැටළුව. මේක system file වලට විතරක් නෙමේ අපි පාවිච්චි කරන ඕනේම file, folder එකට වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මොකක් හරි file එකක් delete කරද්දි සමහරක් විට මෙහෙම errors එන්න පුළුවන්....
"-Cannot delete file: Access is denied"
"-There has been a sharing violation."
"-The source or destination file may be in use."
"-The file is in use by another program or user."
"-Make sure the disk is not full or write-protected and     that the file is not currently in use."

කවුරු කොහොම කිවුවත් කොම්පියුටරයක් පාවිච්චි කරන කාටත් මේ ගැටළුව ඇතිවෙලා ඇති. කොටින්ම මේ මටත්. සමහර file delete කරන්න මං නොකරපු දෙයක් නැතුව ඇති. එකට විසඳුමක් ගැන තමයි මං මේ කියන්න යන්නේ!!

එ තමයි Unlocker 1.8.9 (Unlock Undeletable FILES) කියන Software එක. බොහොම සරල, පුංචි ගැජමැටික් එකක්. මේකෙන් file delete කරන්න විතරක් නෙමේ move, rename වගේ දෙවලුත් කරන්න පුලුවන්. මං හිතන්නේ මේක කාටත් ප්‍රයෝජනවත් වෙවි. මේක use කරන විදියත් මං දැම්මා. screenshot ටික බලලා වැඩේ අල්ල ගන්නකො.













වැදගත් - යම්කිසි file එකක් හෝ folder එකක් delete කළ සැනින් එතැනින් ඉවත්ව යන්නේ නැත. එය සිදුවෙන්නේ reboot කිරිමකින් අනතුරුවය. එතෙක් එම file එක හෝ folder එක ‍රැඳි පවති.

Skype Account 2 කින් එකපාර Log වෙමුද????

 


ඕන්න එහෙනම් මං අදත් අලුත් trix එකක් අරන් ආවා. මං දන්නෙ නැහැ ඔයාලට මේක කොහොම වැදගත් වෙයිද කියල!!!! එත් මට හිතුන මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඔයාල නිකමටහරි හිතුවද Skype account 2ක් එකපාර එකම PC එකකින් ලොග් වෙන්න?? (මටත් හිතුනේ නැහැ. ජංජාලයේ සැරිසරද්දි තමා මට මේක සෙට් වුනේ.) එහෙනම් අන්න ඒ දේට විසඳුමක් තමා මේ. මේකෙන් ඔයාලගේ හොර වැඩ වලටත්, සාමාන්‍ය එදිනෙදා පහසුවටත් මේක යොදා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි අද මාතෘකාව. එහෙනම් අපි වැඩෙට බහිමු.


මේක ක්‍රම කිහිපයක් මඟින් කරගන්න පුළුවන්.. එක ක්‍රමයකින් හරියන්නේ නැත්නම් තව ක්‍රමයකින් try කරන්න!!!

01. ක්‍රමය
--මුලින්ම Desktop එකෙ right ක්ලික් කරල New Shortcut එකක් ගන්න.
--දැන් එකේ මෙන්න මෙහෙම ලියන්න.. "C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
වැදගත් - මෙහි " " දාලම ලියන්න. තව අවසාන " හා / එක අතර හිඩසක් තියන්න. (ඔයාල Windows OS එක install කරලා තියෙන parth  එක අනුව C එක D,E හෝ F වෙන්න පුළුවන්.)
--පස්සේ ඔයාල කැමති විදියට shortcut එකට name එකක් දීල OK ක්ලික් කරන්න.

02.ක්‍රමය
--මුලින්ම ඔයාල ඔයාලගේ OS එකේ (Skype.exe)කියන Skype executable file එක හොයාගන්න ඕනේ. එක බොහෝ දුරට C:\Program Files\Skype\Phone\ කියන parth එකේ වෙන්න පුළුවන්. (OS එකේ පිහිටිම අනුව වෙනස වෙන්නත් බැරි නැහැ.)
--හොයාගත්තු (Skype.exe) කියන file එක right ක්ලික් කරලා Send to > Desktop (create shortcut) යන්න සිදු කරන්න.
--ඊට පස්සේ ඒ file එකේ Shortcut එකක් Desktop එකට ඇවිත් ඇති. එක right ක්ලික් කරලා Properties යන්න ‍තෝරන්න.
--පස්සේ එන Window එකේ Target තීරුවට ඉහත සඳහන් කල "C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary යන්න ලබා දෙන්න.

--පසුව OK කරන්න. (කැමතිනම් ඔයාලට ඕන විදියට icon එකකුත් දෙන්න පුළුවන්.)

ඔන්න ඔච්චරයි වැඩේ!!!!! දැන් ඉතින් ඔයාලට කැමති විදියට account 2කින් එකපාර skype ලොග් වෙන්න පුළුවන්. මොකක් හරි ගැටළුවක් ඇතිවුනොත් comment එකක් දාන්න. ඔයාලගේ comment ගොඩාක් වටිනවා...!

මෙන්න අලුත් තාක්ෂණයක්!!!!! [Transfer Jet]

 


                තාක්ෂණය!!! මේක නම් මහ අරුම පුදුම මාතෘකාවක්. අවුරුදු ගාණක් වුනත් එකදිගට කථා කර කර ඉන්න පුළුවන්. මොකද අපි ඉන්න වටපිටවේ කොහෙ බැලුවත් තියෙන්නේ තාක්ෂණයනේ. ඉතිං, අද මං අදහස් කලා අලුතින්ම ආපු තාක්ෂණයක් ගැන කතා කරන්න. ඔයාල දන්නවනේ වයර්ලර්ස් තාක්ෂණයන් ගැන. එ කිවුවේ රෑහැන් රහිත තාක්ෂණයන් ගැනයි. අද වෙනකොට ලෝකයෙ වැඩිම අවදානය දිනාගත්තු තාක්ෂණික ක්‍රමයක් තාම මේ වයර්ලර්ස් තාක්ෂණය. මේ අතරිනුත් ඉහළම තැන තියෙන තාක්ෂණික උපාංග දෙකක් තියෙනවා. එ තමා බ්ලුටූත් සහා වයි-ෆයිකියන තාක්ෂණයන් දෙකයි.  මීට අමතරව තවත් තාක්ෂණයන් තියෙනවා.. පිළිවෙලින් බැලුවොත් වයිමැක්ස්, ඉන්ෆාරෙඩ්, N.F.C, ඩෙක්ට්(කැට්), U.W.D, ව්යිබ්‍රී, සිග්බී... etc

       ඔයාල දන්නවද දැන් අලුතින්ම තාක්ෂණයක් ඇවිත් තියෙනවා ට්‍රාන්ස්ෆර්ජෙට් (Transfer Jet) කියලා.මේක තමය මං දන්න තරමින් දැන් එන අලුත්ම තාක්ෂණික උපකරණ වලට එන්නේ... මොන දේ කියන්නත් කලින් මේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය හොයාගත්තු Sony සමාගමට ස්තූති වෙන්න ඕනේ.


   ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය තියන උපකරණ අතර තොරතුරු හුවමාරු වෙන්නේ මහ අමුතු විදියකට. ට්‍රාන්ස්ෆර්ජෙට් ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරන දෙක්කක් එක ලග තිබ්බාම ඒ උපකරන දෙක තොරතුරු හුවමාරු කරන්න පටන් ගන්නවා... ඒ උපකරන දෙක එක උඩ එක තිබ්බාම හරි ඒ උපකරන දෙක ගෑවෙන්න තිබ්බාම වේගය තවත් වැඩිවෙනවා... ඒ වේගය කොච්චර කියනවානම් ඔයලා ලග තියනවා නම් 700MB විඩ්යෝ ෆයිල් 3ක්, ඒ කිවේ 2GB එකක් තවත් ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරණයකට ගමන් කරන්න යන වෙලාව තමා විනාඩි භාගයක් වත් යන්නෙ නැහැ කියලයි කියන්නේ.... මරු නේ....

          මේ ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂණය අයත් වන්නේ සී.පී.ඩබ්.ටී (CPWT - Close Proximity Wireless Technology) කියන තාක්ෂනික කාණ්ඩයටයි.... මෙම තාක්ෂණය ඉතා සරල භාවිතයත්/ අරක්ෂාකාරි සම්බන්ධතාවයක් / කාර්යක්ෂමතාවයටයි උපකාරි වෙනවා.

මෙන්න ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය සහිත උපකරන කිපයක් මෙතන...







මේ ගැන ඔයාල දන්න දේවල් හා ඔයාලගේ අදහස් මේ ලිපියට එක් කරන්වනම් කටත් ගොඩාක් වැදගත් වෙවි... 

ඔබත් Lockerz වල අතරමං වෙලාද.....?

 

                     ඔන්න අදත් ඔයාලට වාසි වෙන දෙයක් දිල යන්නයි ආවේ.. එ තමයි Lockerz.. ලොකර්ස් කියන්නේ අද ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන වෙබ් අඩවියකි. මොකඩ එක 100% නොමිලේ සේවා ලබාගත හැකි වෙබ් අවකාශයක් (web space) වීමයි. ඉතින් Lockerz මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් (free T shirt) එකක්. හැබැයි පස්සේ iPods,iPhone දුරකථන,Mac books,XBox,Pen Drive,PS3, Camara, Fashion items සහ තවත් ගොඩක් වටිනා දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. කොහොම උනත් මේ ගැන අමුතුවෙන් ඔයලට කියල දෙන්න ඕනේ නැති වෙයි. මොකද මේ ගැන ගොඩක් දෙනා දන්නවා. (නොදන්න අයත් එහෙනම් අහගන්නකො...) මේ සම්බන්ධයෙන් ගොඩක් ලිපි ලියවිලත් තියෙන්වා. එ ලිපි ලියපු බොහෝ දෙනෙක් කරන්න උත්සහ කලේ අපේ අයට ගිණුමක් හදන්න ඉද අවස්ථාවක් දෙන්නයි. (ඒ තරම් කාරුණික හිතක් නේ අපේ අයට තියෙන්නේ... ) ඒ කියන්නේ ඉන්විටෙෂන් යවන්නයි.. ඒ අය කොයිතරම් හොදයි ද කියලා කියනවා නම්, ඒ අය ඉන්විටෙෂන් යවලා ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන පුද්ගලයාව ඊට පස්සෙ තඹ සතයකටවත් ගණන් ගන්නේ නෑතිව ඉන්න තමයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ. ඉතින් ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන අය අසරණ වුනා. දෑන් ඉතින් මේ ගිණුමෙන් ඈති පලක් නෑ, කියමින් ඒ අය Lockerz ගෑන හිතන්නේ වත් නෑති තත්වයට පත් වෙනවා ඔහුන්ටත් නොදෑනම.. ඉතිං මං තිරණය කලා Lockerz ගැන දන්න නොදන්න හැමෝටම වැදගත් වෙන ලිපියක් ලියන්න. කියවලාම හොඳ නරක කියන්නකො...

Lockerz වලින් ලකුණු ගන්න හැටි..
01. සාමන්‍ය විදියට තමන්ගේ ගිණුමට තමාගේ ඊමේල් ලිපිනය වගේම තමාගේ රහස්මුර පදය දිලා ලොග් වෙන්න.

02. දවසේ Lockerz ගිණුමට ඇතුල් වෙන මුල් අවස්ථාවේ Lockerz ගිණුමට පිවිසුනාම වම් පැත්තෙ මැදින් වෙන්න Login PTZ නමින් පෙන්නුම් කරද්දි ඒ මත ක්ලික් කිරිමෙන් 2 PTZ ලෑබෙයි (Z-ලිස්ටර්ස්ලාට 4 PTZ ලෑබෙයි.)

03. ඊට පස්සෙ එතනම් ඇති Answer Dailies කියල. එතන ක්ලික් කරන්න. ඒතනින් තමන්ගෙන් ප්‍රශ්න වගයක් අහයි. ඒත් ඒ ප්‍රශ්න බොහෝ සරළ ප්‍රශ්න. (ඒ ප්‍රශ්න වලට හරි උත්තරයක් දෙන්න ඕනෙම කියල නැහැ. කැමති උත්තරයක් දෙන්නයි තියෙන්නේ) ඒ අහන ප්‍රශ්න වලටත් උත්තරයක් දුන්නාම 2 PTZ ලෑබෙයි. (Z-ලිස්ටර් කෙනෙක් නම් 4 PTZ ලෑබෙයි) දවසකට එක ප්‍රශ්නයක් තමයි අහන්නේ, සමහර දවස් වලට නම් බොනස් ප්‍රශ්න හෑටියට අමතර ප්‍රශ්න දෙකක් අහනවා. ඒ කියන්නේ 6 PTZ ගන්න පුලුවන්. (Z-ලිස්ටර්ලාට 12 PTZ ගන්න පුලුවන්) කලින් දවස් වල ප්‍රශ්න වලට උත්තරයක් දුන්නාට (උදා :- ඊයේ දවසේ ප්‍රශ්න වලට ) කිසිම ලකුණක් නම් ලෑබෙන්නේ නෑ..

04. තමන් දන්නා යාලුවන්ට ඉන්විටෙෂන් යෑවිම. පින්තුරයේ පෙනෙන හෑටියට ඉහලින්ම මේ වගේ දර්ශනයක් අපිට පෙනෙන්නට ලඇබේයි. ඒතනින් රතු පාටින් පෙනෙන රුපය උඩ ක්ලික් කරන්න. එතකොට මෙහෙම Window එකක් පෙනෙවි. මෙතනින් තමන් දන්නා අයගේ ඊමේල් ගිණුම සටහන් කරන්න. එකවර කිහිප දෙනෙකුට වුවත් එතනින් ඊමේල් මගින් ඉන්විටෙෂන් යවන්න පුලුවන්. හෑම ඉන්විටෙෂන් එකටම ලකුණු 2 PTZ ලෑබෙනවා. ඒත් ඔයා යවන ඉන්විටෙෂන් එකෙන් ඒ පුද්ගලයා රෙජිස්ටර් වුනාම විතරයි. (Z-ලිස්ටර්ලාට 12 PTZ ලෑබෙනවා)

05. මේ පින්තුරයේ තෑඹිලි පාටෙන් පෙන්නුම් කරන අයිකන් එක මත ක්ලික් කරන්න. (ප්ලේ / Play) එවිට මේ වගේ කවුලුවකින් විඩියෝ ක්ලිප්ස් හුගක් පෙන්නුම් කෙරෙයි. ඒ ක්ලිප් ගොඩ අතරින් එකක් ‍තෝරාගෙන ප්ලේ කරන්න.. එතකොට පහළ තියෙන විඩියට Video එක play වෙන්න පටන් ගනිවි. මේ අවස්ථාවේදි අපිට මේ ක්ලිප් එක ෆොවඩ් කරන්න විදියක් නෑ.. ඒ හින්දා ඉවසිමෙන් මේ ක්ලිප් එක නිම වෙනකම් බලාගෙන ඉන්න වෙනවා.. ක්ලිප් එක අවසානයේදි අපිට මේ වගේ කවුලුවකින් ඉංග්‍රිසි අකුරු වගයක් නෑත්නම් ඉලක්කම් වගයක් පෙන්නුම් කරයි, ඒ අකුරු නිවෑරදිව ( කෑපිටල් සිම්පල් වෑරදෙන්නේ නෑතිව පෙනෙන විදියට ) ටයිප් කරන්න. මෙලෙස නිවෑරදිව ටයිප් කරලා GET PTZ බොත්තම මත ක්ලික් කරන්නඑවිට තමාට ලෑබෙන PTZ ගාණ පෙන්නුම් කරයි ( Z-ලිස්ටර්ලාට 12 PTZ වගේම අනිත් අයට 6 PTZ )









06. කට්ටිය බලනවා ඈති මොනවාද මේ Z-ලිස්ටර් කියන්නේ කියලා.. දෑන් මං කියන්න යන්නේ Z-ලිස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.. මං කලින් කිව්ව විදියට ඉන්විටෙෂන් මගින් තමන් යාලුවන් එක් රෑස් කර ගද්දි, තමාටත් නොදෑන යාලුවන් පිරිසක් ඈති වෙනවා. මේ වගේ යාලුවන් 20 දෙනෙකු තමාගේ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුනානම් තමා Z-ලිස්ටර් කෙනෙක් හෑටියට පත් වෙනවා..

Z-ලිස්ටර් කෙනෙක් වුනාම අපිට ලෑබෙන වාසි..
**එවිට අපිට මෙතෙක් කල් ලෑබුණු ලකුණු දෙගුණයකින් වෑඩි වෙනවා..
( උදා :- 2 PTZ, 4 PTZ බවට පත් වෙනවා )
**ඒ වගේම තමා Z-ලිස්ටර් කෙනෙක් වුනාම තමාට ටී-ෂර්ට් එකක් තමා රෙජිස්ටර් වෙද්දි දුන්න ලිපිනයට යවනවා. අනිවාර්යෙන්ම.. ( Z-ලිස්ටර් කෙනෙක් වුන දා ඉදලා මාස 1.5ක් වගේ කාලයකින් ටී-ෂර්ට් එක ලෑබෙනවා )

                    මෙච්චර වෙලාවක් මං උත්සහ කලේ මේ ගැන ඔයාලට පොඩි හරි අවබොධයක් දෙන්න. වෙන අය වගෙ අතරමං කරල දාන්න නෙමේ. මේ සම්බන්ධයෙන් මං ඉදිරියටත් ලියන්න බලපොරොත්තු වෙනවා. මේ ගත්තු උත්සහයෙන් යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා. මං මේ වෑය කල කාලයට වෑදගත් ලිපියක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න. තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා..

තමන්ට තවමත් Lockerz ගිණුමක් නෑත්නම් ඒ ගෑන කණගාටු වෙන්න යන්න ඕනේ නෑ.. Comment එකක් විදියට ඔයාලගෙ E-mail එක ලියල එවන්න. පැය 24ක් ඇතුළත invitation එක ඇවිත් ඇති...

Mouse එක වෙනුවට නහය භාවිතා කරමු...!!!!

 

                                          අද මං කියන්න යන්නේ අලුත්ම Software එකක් ගැනයි. එ වගේම මේක ගොඩක්ම අලුත් News එකකුත් වෙවි. මේකයි සීන් එක, ඔයාල ඔයාලගේ PC එක වැඩ කර කර ඉන්න ගමන් mouse එක එකපාරටම වැඩ කරන්නේ නැති වුනොත් මොකෝ කරන්නේ??????? වෙන මොනා කරන්නද ඉතින් උඩ බලන් ඉන්න තමා වෙන්නේ. මට නම් එ වේලේට තමා mouse එක හදපු උන්ගේ අම්මලා සිහි වෙන්නේ... එ තරමටම අපිට mouse එක ඕන කරනවා. mouse එක නැතුව මුකුත් කරන්න බැහැ. ඊලඟ දවසේ mouse එකක් ගන්නකං ඉතින් පැත්තකට වෙලා ඉන්න තමා වෙන්නේ. ඔන්න ඕකට විසඳුමක් තමා අද මං කියන්න යන්නේ. එ තමයි අපේ mouse එක වෙනුවට නහය පාවිච්චි කරන එකයි. ඔයාල දැන් බලනවා ඇති මේ මොකක්ද මේ හරුපේ කියල. මූට පිස්සුද කියලත් හිතනවා ඇති. අනේ මන්දා මටත් මේක මුලදී හිතාගන්න බැරි වුණා. එත් ටිකක් හිතන්න තාක්ෂනයේ දියුණුව.

                මුලින්ම මේකට වෙබ් කැම් එකක් ඕන කරන්වා. Laptop එකක් තියෙනවනම් වැඩෙ තවත් ලේසියි. තව මේ සඳහාම software එකක් තියෙනවා. එක free ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ Software එක මාර්ගයෙන් තමන්ගේ මූණ mouse එක හැටියට භාවිතා කරන්න ඉඩ දීමයි. mouse එක හැටියට මූණ නාභිගත කරන්න තමා වෙබ් කැම් එක ඕනකරන්නේ. මොන වුනත් මේක නම් නියමයි. මං මේක try කරල බැලුවා. (මට තියෙනවනේ හැමදෙයක්ම try කරන අමාරුවක්. එකයි!!) වැඩේ නරකම නැහැ. නියමේට වැඩ. එ වගේම මාර ෆන්!!! ඔයාලත් කැමතිනම් try කරලා බලන්න. මං මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මේකේ භාවිතය ගැන අදහසක් පල්ලේහා තියෙන Video ටික බලලා තේරුම් ගන්න. තව මේකට ඕන කරන Software එක බා ගන්න ඕනේ නම් පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.
                            මෙතනින් download කරගන්න....
වැඩි විස්තර...

Youtube Video ටික...


           ඔන්න ඕකයි තාක්ෂණයක අරුමය. මේක වැඩ කරන්නේ නම් Windows 7, Vista වලට විතරයි. එහෙනම් try කරල බලන්න. මං හිතනවා මේක හොඳ News එකක් වගේම Software එකක් වේවි කියලා. එහෙනම් යන්න කලින් ඔයාලගේ අදහසකුත් මේ සම්භන්ධයෙන් එකතු කරල යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..

ලොව වේගවත්ම Graphic processor ය නිකුත් වුණා...!


                ඔන්න අද මං අලුත් News එකක් ගෙනවා. මේක නම් ගොඩක්ම Game ගහන්නම ඉපදුන අයට වැදගත් වෙන News එකක්. අපි කාටත් Game ගහන පිස්සුව තියෙනවනේ... (මට නම් ඒක උපරිමයි....!!!) එහෙනම් මේකත් දැනගෙන ඉන්නකො...
          දැනට ලොව මෙතෙක් නිපදවුණු වේගවත්ම ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරය නිපදවීමට Nvidia සමාගම සමත් වෙලා තියෙනවා. මේක නිල වශයෙන් වෙලඳ පොළට නිකුත් වුනේ ගතවුණු November 9 වෙනිදා. මෙය අඩංගු මීලඟ පරම්පරාවේ නවතක ග්‍රැ‍ෆික් කර්ඩ් එක නම් කරල තියෙන්නේ NVIDIA's GeForce GTX 580 නමින්. මිට කලින් නිකුත් වුණු GeForce GTX 480 වඩා 14%ක් සාර්ථකත්වයක් මෙහි තුළ තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේකේ විශේෂත්වයක් විදියට තාපය පිට කිරිම සඳහා නවතම VCCS (Vapor Chamber Cooling System) තාක්ශණය යොදාගෙන තියෙනවා. තව කිවුවෙත් මේකේ සාම්ප්‍රදායික ප්‍රොසෙසර් fan එකට අමතරව ජලයද යොදාගෙන තියෙනවා.


NVIDIA's GeForce GTX 580 ප්‍රොසෙසරය අනෙක් ප්‍රොසෙසරස් හා සැසදීමෙදි....


                 කොහෙමෙන් කොහොම වුනත් මේකේ ගාණ තමා ඉවසන්න බැරි.! එ සඳහා අන්තර්ජාලයේ විවිධ මිල ගණන් ඉදිරිපත් කරල තිබුනත් එහි අවම අගය ලෙස සඳහන් වෙන්නේ $499 ක් කියලයි.(Rs-55000+) එත් මේ වන විට මිල තවත් වැඩි වෙලා කියලයි ආරංචිය. ලෝක ආර්ථිකයේ හැටි ඔහොමලු...



මං හිතනවා මේ post එක ඔයලට වැදගත් එකක් වෙයි කියල. යන්න කලින් ඔයාලගෙ අදහසකුත් මෙකට එකතු කරල යන්න..