Friday, 25 March 2011

Internet Money හොයනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න....!!!

                    ගොඩ දවසකින් Internet money ගැන ලිපියක් දාන්න බැරි වුණා. ඔන්න එහෙනම් Internet money ගැන උනන්දු වෙන හැමෝටම වැදගත් වෙන ලිපියක් දාන්න හිතුවා. ඒ තමයි, මං හිතනවා මේ වෙනකොටත් ඔයාල bux අඩවි වලින් මුදල් හොයන්න පටන් අරං ඇති කියලා. (එ සම්බන්ධයෙන් ලියවුණු ලිපි බලන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න) අන්න එහෙනම් මං මේ කියන්න යන දේවල් ගොඩාක් වැදගත් වෙවි. ඔන්න එහෙනම් මේ දේවල් හොඳට හිතේ තියාගන්න...

                     මුලින්ම හැමදාමත් වගේ කියන්න ඕනේ මේක බොරුවක් නෙමේ කියලා. මේක බොරුවක් වෙනවනම් වෙන්නෙ අපේම වැරදි වලින්. නොකළ යුතු දේවල් කරල සල්ලි ලැබෙන්නේ නැති වුනාම බොරුවක් කිය කිය කෑ ගහනවා. එ නිසා මේ ගැන හරියටම දැනගෙන කරන එක තමා හොඳ. හොඳ ඉවසීමකින්, මොළේ ඇතිව හොයල බලලා වැඩ කරනවනම් Internet Money කියන දේ අමාරු නැහැ. (මේ ගැන මං මීට කලිනුත් කියල ඇති.) එහෙනම් වැඩි කථා නැතුව මාතෘකාවට බහිමු. bux අඩවි වලින් සල්ලි හොයන කවුරුත් මේ ගැන අවධානය යොමු කරන්න.

01. ඔබ bux අඩවියක ලියාපදිංචි වු විගසම පැය 24ක්  ඇතුළත තමන්ගේ ප්‍රථම ඇඩ් කිහිපය ක්ලික් කළ යුතුයි. බොහෝ දුරට මෙය සිදුනොකිරිමෙන් තම ගිණුම අවලංගු විමට ඉඩ ඇත.

02. ඔබ bux අඩවියක ලියාපදිංචි වු පසු ඔබට දිනපතාම ඇඩ් කිහිපයක් ලැබේ. ඔබගේ Referral ලා තුළින් ඔබට දිනපතාම ලැබිය යුතු මුදල ලැබීමට නම් ඔබද දින පතාම දැන්වීම් නැරඹිය යුතුය. තවත් ලෙසකින් කිව හොත් හෙට දිනයේ ඔබගේ Referral ආදායම ලැබීම සඳහා අද දින ඔබට නියමිත දැන්වීම් ප්‍රමාණය නැරඹිය යුතුමය. එය වැදගත් කොට දැක්වූයේ අපගේ බොහෝ අය Referral ලා කිහිප දෙනෙක් ලද පසු "දැන් මම මහන්සි වන්නේ මොකටද? මා වෙනුවෙන් මගේ ර්‍එෆෙර්රල් ලා ඇඩ් ක්ලික් කරනවානේ" යි සිතමින් ඇඩ් ක්ලික් නොකර සිටින නිසාය. එම නිසා වඩා වැදගත් වන්නේ තමාගේ දායකත්වයත් මේ සඳහා එක් කිරිමයි.

03. තවද කිසියම් bux ගිණුමක් ඇඩ් ක්ලික් නොකර දින 30ක් පමණ අක්‍රීයව තිබුණේ නම් ගිණුම් ශේෂය සමඟම bux ගිණුම් මකා දැමිය හැක.

04. එකම bux වැඩසටහනකින් එක ගිණුමකට වඩා සාදා ගැනිමට උත්සහ නොකල යුතුය. ඔවුන් හට එය හසුවුවහොත් ගිණුම් දෙකෙහිම ශේෂයන් සමඟ ගිණුම් දෙකම වසා දැමිය හැක.

05. බැඳුම්කරය (TOS) හොඳින් කියවා අවබෝධ නොකරගැනීම. බැඳුම්කරය යනු bux අඩවි වල තිබෙන වැදගත්ම ලියවිල්ලයි. එය හොඳින් නොකියවීම යනු ඔබගේ Account එක Suspend කරගැනීමට කරන මඟ පැහැදිමකි. ඒ මන්දයත් එහි ඔබට කිරීමට හැකි සහ නොහැකි දෑ සටහන් වන බැවිනි.

06. ඔබ bux අඩවියක ලියාපදිංචි විමේදී Referral තීරුවෙහි සඳහන් නම හා අංකය කිසි විටෙකත් මකා නොදැමිය යුතුය. මෙය පසුකාලිනව ඔබේ ගිණුමේ මුදල් ලබා ගැනිමේදි bux අඩවි මඟින් මුදලින් යම් ප්‍රතිශතයක් ඔවුන් වෙත පවරා ගැනිමක් සිදු කරයි. මෙය TOS හිඳ සදහන් වේ.

07. Forum එකට නිතර නොයෑම. bux අඩවිය ගැන නවතම විස්තර ලබාගැනීමට අති හොඳම ක්‍රමය වන්නේ Forum එකට ගොස් එහි ඇති නවතම පුවත් කියවීමයි. එමෙන්ම බැඳුම්කරයට යම්කිසි වෙනසක් සිදු වුවහොත් එයද දැනගත හැකි වෙන්නේ Forum එකෙනි.

08. තවද එක pc එකකින් එක් පුද්ගලයෙකුට පමණක් අදාල bux අඩවි වල ලියාපදිංචි වීම වඩා සුදුසු වේ. වෙනත් පුද්ගලයෙක් එම pc එකෙන්ම ලියාපදිංචි විමට හෝ Log විමට උත්සහ දැරුවහොත් එම ගිණුම් දෙකම අවහිර විය හැක.

ඔන්න එහෙනම් මගේ රාජකාරිය හරි. ඉතුරු හරිය ඔයාලගෙ අතේ. ඔය දේවල් හොඳට ඔලුවේ තියාගන්න. එ දේවල් එ විදියටම පිළිපදින්න. එතකොට ඔයාලටත් සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙවි. මේ පිළිබඳව ගැටළු තිබුණෝත් Comment එකක් විදියට දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්......! 

Neobux වලින් පහසුවෙන් මුදල් සොයමු..... (Internet money - 3)

   Internet Money! ඔයාල කාටත් මේ වෙනකොට මේ ගැන පොඩි අදහසක එහෙම ඇතිනේ. මේ සම්බන්ධයෙන් මන් මීට කලිනුත් post කිහිපයක්ම දාල තියෙනව. (එවා කියෙවුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.) අද මං කියන්නෙ Neobux වලින් සල්ලි හොයන විදිය. මේකත් කලින් ලිපියක සඳහන් වුණු Onbux වගේමයි. (එ ලිපිය කියවන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න) Neobux කියන්නේ Onbux වගේම PTCසයිට් එකක්. ඒ කිව්වේ ඇඩ් ක්ලික් කරල මුදල් හොයන සයිට් එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මං මේ සඳහන් කරන PTC සයිට් සියල්ලම 200% ක්ම විශ්වාසනීයවම මුදල් හැවන එවායි. බය වෙන්න කිසි හේතුවක් නැහැ. ඒ නිසා බය නැතුව register වෙලා මුදල් හොයන්න. සාර්ථකත්වය වැඩි ඈතක නැහැ.

  "එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම තියෙන්නේ Neobux වල register වෙන එක. එකට මුලින්ම පහල තියෙන Register Here හෝ උඩින් තියෙන Neobux banner එක උඩ ක්ලික් කරන්න."

  "ඊට පස්සේ ලැබෙන window එකේ Register කියන තැන ක්ලික් කරන්න. දැන් තියෙන්නෙ registration form එක පුරවන්නයි. මේකෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. Onbux වල registration form එක පුරවපු විධියටම මේකත් පුරවන්න. (ඒ ලිපියට යන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.) සියල්ල පිරවු පසු Continue කරන්න."

  "අනතුරුව මෙන්න මෙහෙම window එක්ක ලැබෙවි. මේකෙන් සඳහන් වෙන්නෙ ඔයාලගෙ account එක activate කරගන්න විදියයි. මේකේ තියෙන විදියට මුලින්ම ඔයලාගේ email එකට ලොග් වෙන්න. එකට Neobux වලින් mail එකක් ඇවිත් ඇති. එකේ තියෙනවා "Validation Code" කියල code එකක්. එක copy කරගෙන කලින් ලැබුණු window එකේ paste කරන්න. දැන් "finish registration" ක්ලික් කරල වැඩේ ඉවරයක් කරන්න. වැදගත් - සමහරක් වෙලාවට ඔයාලගෙ email inbox එකට neobux වලින් mail එකක් නැවිත් තියෙන්න පුළුවන්. එ වෙලාවට ඔයාලගෙ spam mail වල හොයල බලන්න. බොහෝ විට එකට ඇවිත් තියෙන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් ඔයාලට Neobux ගිණුමකුත් තියෙනවා."

  "දැන් තියෙන්නෙ මුදල් හොයන එක. මුලින්ම ඉතින් ඔයාල දීපු username, password දීල account එකට ලොග් වෙලා ඉන්න. ඊට පස්සේ ඉතින් විස්තර කරන්න දෙයකුත් නැහැ. Onbux වල කරපු විදියම තමා... කොකටත් මං පින්තූර ටිකක් දාන්නම්. එක බලලා වැඩේ අල්ල ගන්න."

  "ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. හැමදමත් වගේ කියන්න තියෙන්නේ.දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. මේ වගෙම තව PTC සයිට් තුන හතරකට join වෙලා එ හැම සයිට් එකම තියෙන ඇඩ් ක්ලික් කලාම දවසට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. (විශ්වාසනියම සයිට් මොනාද කියල ඉස්සරාට යනකොට කියන්නම්කො). දැනට මේ දේවල් කරගෙන යන්න. වැඩේ අතහරින්න එපා. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතු‍ටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."

"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."

.
"තමත් Onbux වල Register වුනේ නැද්ද? එහෙනම් පහල benner එක උඩ ක්ලික් කරන්න."

Onbux වලින් පහසුවෙන් මුදල් සොයමු..... (Internet money - 2)

අද මං ඔයාලට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන මුදල් ගෙවන, මුදල් ඉපයිමේ සයිට් එකක් වන Onbuxගැනයි. මුලුන්ම කියන්න ඕනේ දැනටමත් මං මේ වෙබ් අඩවිය හරහා මුදල් ලබාගෙන තියෙනවා. ඒ ගැන විස්තර මම මේ ලිපි පෙළ අතරතුර Payment Proof සහිතව පෙන්විමට බලාපොරොත්තු වෙනවා.

"දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම ඔයාල Onbux සයිට් එකේ register වෙන්න ඕනේ. එකට ඔය උඩින් තියෙන Banner එක හරි පහල තියෙන register here කියන එක උඩ හරි ක්ලික් කරන්න."
          Register here
"ඊට පස්සේ එන window එකේ register යන්න ක්ලික් කරන්න."

"හරි, දැන් තියෙන්නේ registration form එක පුරවන එකයි."

  "මුලින්ම තියෙන usernameඑකට ඔයාල කැමති username එකකුත්, කැමති password එකකුත් දෙන්න. ඊට පස්සේ PIN එක, එකටත් කැමති ඉලක්කම් ටිකක් දෙන්න. හැබැයි එ දෙන PIN එක හොදට මතක තියා ගන්න. මොකද ඒකAlertpay වලට සල්ලි මාරු කරද්දි ඕන වෙනවා. primary email එකට ඔබේ පුද්ගලික email ලිපිනයද, Alertpayemail එකට ඔයාල Alertpay ගිණුම සැදිමේදි ලබාදුන් email ලිපිනයද දෙන්න. මේ email ලිපින දෙකම එකක් උනත් ගැටළුවක් නැහැ.(Alertpay ගිණුමක් හදන හැටි දැන ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.)"

  "Referrer කියන එක කිසිම වෙනසක් නැතුව එහෙමම තියන්න. Birth Year එක දෙන්න. (වයස 18ට වඩා වැඩි වෙන්න ඕනේ...) දැන් යට තියෙන Verification Code එක ගහල Register ක්ලික් කරන්න."

  "දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පි‍ටුව ඉවත් කරල primary email හි සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි Onbux විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Onbux වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."

  "ඔන්න දැන් අපිට Onbux ගිණුමකුත් තියෙනවා. දැන් තමයි හොඳම හරිය. එ කිවුවේ ඇඩ් ක්ලික් කරල මුදල් උපයන කොටස... එක වෙන්න මෙහෙමයි. මුලින්ම Onbux සයිට් එකට ගිහින් පැත්තෙන් පේන Image එකේ විදියට username, password දීල Login වෙන්න."

  "account එකට ලොග් වුනාට පස්සේ උඩින්ම ඇති view add කියල, එක උඩ ක්ලික් කරන්න."

  "ඊට පස්සේ තරු ලකුණු සහිතව add පේළියක් දකින්න ලැබේවි. (දවසකට add 4ක් විතර) ඒ එක add එකක් උඩ ක්ලික් කලාම නිල් පාට බොත්තමක් දකින්න ලැබේවි. එක උඩද ක්ලික් කරන්න. ඊට පස්සේ පහළ විදියට add එක Load වෙන්න පටන් ගනිවි. පහළ තියෙන විදියට සියලු කරුණු සම්පුර්ණ කලාට පස්සේ add එක සහිත tab එක close කරල දාන්න. එ වගෙම අනිත් add ටිකත් ක්ලික් කරන්න."

  "ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.. දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. එත් වැඩේ අතහරින්න එපා. දිගටම කරගෙන යන්න. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතු‍ටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."

"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."

Alertpay ගිණුමක් හදමු... (Internet Money - 02)

  එහෙනම් අපි වැඩේ පටන් ගමු. කලිනුත් කිව්වා වගේ මේක තමා වැදගත්ම දේ. මොකද, අපි උපයන හැම සතයක්ම බැර වෙන්නේ මේ ගිණුමටයි. ඒ නිසා නොමිලේ කිසිදු ගෙවීමකින් තොරව Alertpay bank account එකක් හදන හැටි කියල දෙන්නම්. (මේක දැනටමත් දන්න අය ඇති.. නොදන්න අයටයි මේ!)

  මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහාම විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න පුලුවන්. චෙක්පතක් මාර්ගයෙන් මේ මුදල් අතටම ගෙන්වා ගන්නවනම් අවම වශයෙන් ඩොලර් 20ක් වත් ඔයාලගේ ගිණුමේ තියෙන්න ඕනේ. (බය වෙන්න එපා, ඔය ගාණ හොයා ගන්න පුලුවන්) එහෙනම් අපි වැඩි කථා නැතුව වැඩේට බහිමු.

01. මුලින්ම පහළ තියෙන Register Here හෝ පහලම තියෙන Alertpay Banner එක උඩ ක්ලික් කරන්න.
02. එවිට, ලැබෙන Window එකේ Sign Up Now යන්න ක්ලික් කරන්න.

03. ඊට පස්සේ පහළ තියෙන විදියට Window එකක් පෙනෙවි.

  "එකේ Select Your Country එකට Sri Lanka යන්නත්, Select Your Account Type එකට Personal Start යන්නත් ක්ලික් කරන්න. අනතුරුව Next Step ක්ලික් කරන්න."

04. පසුව ලැබෙන Window එකේ තියෙන්නේ ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක. මේකට ඔයාලගේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. මොකද ගෙවීම් කරන්නේ මෙහි සඳහන් නම, ලිපිනයටනේ. හා... තව දෙයක්, වයස 18ට වඩා වැඩි වෙන්නත් ඕනේ alertpay ගිණුමක් open කරන්න.

  "මේකේ Region ලෙස ඔබ පදිංචි පළාතත්, Postal Code එක සඳහාhttp://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htmමඟින් දැනගෙන නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. පසුව Next Step ක්ලික් කරන්න."

05.අනතුරුව තවත් එවැනිම Window එකක් ලැබෙවි.

  "එකේ email ලිපිනයට ඔබේ සුපුරුදු email ලිපිනයත්, ඔයාල කැමති ඕනෑම ආරක්ෂාකාරි password එකකුත් ලබා දෙන්න. මේකේ Transaction PIN එකට ආරක්ෂාකාරි PIN අංකයක් ලබා දෙන්න. මේක ගොඩාක් වැදගත්. මොකද, මේTransaction PIN අංකය මුදල් ලබා ගැනිමේදී ඕන කරනවා. ඔයගොල්ලෝ ලබාදෙන අංකය හොඳට මතක තියා ගන්න."

  "ඉන්පසුව ලැබෙන Security Question 1 හා Security Question 2 ට ප්‍රශ්ණ දෙකක් Select කරලා Answer දෙකක් දෙන්න. මේවා යම්කිසි විදියකින් ඔබගේ Password අමතක වුනොත් නැවත් ගෙන්වා ගැනිමේදි වැදගත් වෙනවා. එනිසා මේ සෑම දෙයක්ම නැවත් සටහන් කරගන්නවනම් හොඳයි."

  "දැන් Third Party Information එක No ලෙසම තියලා Word Verification හි තිබෙන වචනය ඒ විදියටම පහල හිස් කො‍ටුවේ Type කරන්න."

  "ඒ form එකත් නිවැරදිව සම්පුර්ණ කලාම අවසානයේ Final Step යන්න ක්ලික් කරන්න. දැන් පහල තියෙන Confirmation Page එක ලැබේවි."

  "දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පි‍ටුව ඉවත් කරල ඔබ කලින් සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි පහත ආකාරයට Alertpay විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Alertpay වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."

  "දැන් ඔක්කොම හරි. දැන් ඔයාලටත් Alertpay ගිණුමක් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ සල්ලි උපයන්න තමා... එක ඊලඟ post එකෙන් කියල දෙන්නම්. ලඟදීම..."

"මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටළුවක් මතු වුනොත් Comment එකක් දාන්න."

අන්තර්ජාලයෙන් මුදල් හොයමු...

    "ඇත්තටම මේ දේ කරන්න පුලුවන්ද?" කාටත් එහෙම හිතෙන්න පුලුවන්. මොකද එක ස්වාභාවිකයි. කාලයක් මටත් ඔය ප්‍රශ්ණේම තිබුණා. ඒත් දැන් මං එකට උත්තරේ දන්නව. ඒ තමයි ඇත්තෙන්ම පුලුවන් කියන එක. ඒත් එකට තව එක කොන්දෙසියක් තියෙනව. ඒ තමය් දුර දිග හිතල වැඩ කරනවනම් කියන එක. (සමහරු එකඟ නොවෙන්නත් පුලුවන් එ දේට) කොහොම උනත් උනන්දුවයි, ඉවසිමයි තියෙනවනම් අන්තර්ජාලයේ මුදල් හොයන එක අමාරු නැහැ.

    අන්තර්ජාලයෙන් මුදල් හොයන එක බොහොම සරලයි. ඕන කරන්නෙ අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විම විතරයි. මම එහෙම කියන්නේ, දැනටමත් මම මේ වැඩේන් දිනපතා දිනකට බොහොම පොඩි කාලයක් වැය කරල සැලකිව යුතු ආදායමක් හොයන නිසා. ඒ පිළිබඳ විස්තර මම ඉදිරියේදි මගේ Payment Proof සමඟම පැහැදිලි කරන්නම්.

    හොඳයි, මුලින්ම මම සරලව කියල දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. අන්තර්ජාලයේ මුදල් හොයන පහසුම සහ සරලම, විශ්වාසනියතම ක්‍රමය තමා ඇඩ් ක්ලික් කර (PTC -Paid To Click)මුදල් හොයන එක. (තව ක්‍රම ගොඩාක් තියෙනවා, ඒවත් ගිමින් සැරේ කියල දෙන්නම්.) ඒත් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නෙ මුදල් කොහොමද එන්නේ?, කොහොමද අතටම මුදල් ටික ගන්නේ යන වගෙ දේවල්...

   මෙහෙමයි, බැංකු කියන වචනේ අපි කාටත් හුරුයිනේ. අන්තර්ජාලය තුළත් බැංකු කිහිපයක් තියෙනවා. ඒ තමයි Paypal, Alertpay, Netellerවගෙ දේවල්. මේ අතරිනුත් Paypal සහ Alertpay තමා වඩා විශ්වාසනියතම මැංකු දෙක. නමුත් ගැටලුවකට තියෙන්නේ Paypalමඟින් තවමත් ලංකාවට මුදල් ගෙන්වා ගැනිමට පහසුකම් නැති එකයි. ඒ නිසා වඩා වැදගත් වෙන්නෙ Alertpay ගිණුමක් හදා ගන්න එකයි. පස්සේ අපි ඇඩ් ක්ලික් කරලා උපයන මුදල් Alertpay මාර්ගයෙන් ලංකාවේ සම්පත් බැංකුවේ web card එකකට හෝ cheque එකක් මඟින් අතටම ගන්න පුලුවන්. හරි සරලයි. (බය වෙන්න එපා. මේ හැම දෙයක්ම අකුරක් නෑර කියල දෙනව. මතකනෙ මං කිව්වා, ඉවසීම ඔනේ කියලා)

  එන්න ඒ විදියට තමා අපිට මුදල් ලැබෙන්නේ. එහෙනම් අදට ඇති. ඊලඟ ලිපියෙන් Alertpay Account එකක් හදා ගන්න විදිය කියල දෙන්නම්. ලඟදීම....

ඔන්න එහෙනම් මතකනේ, අපි Internet එකෙන් money හොයන්නයි යන්නේ......!

Facebook වලට තවත් අභියෝගයක්...!!

              ම්... ඔන්න අදත් මං ඔයාලට අලුත් News එකක් ගෙනාව. ඔයාල දන්නවනේ මං ගෙන්නේ එසේ මෙසේ News නෙමේ කියලා. අපි කාටත් වැදගත්ම වෙන News එකක් තමා මං කිවුවෙත් කියන්නේ. නැතුව අනං මනං වල් පල් නෙමේ. ඉතින් ඔන්න අද මං ගෙනවා අලුත් News එකක්. එ වෙන මුකුත් ගැන නෙමෙයි, Social Network ගැනයි. Social Network කියපු ගමන් අපි කාටත් ඉතින් මතක් වෙන්නේ Facebook නේ.. එක ඉතිං අවිවාදයෙන් පිළිගන්න ඕන දෙයක්නේ. ඇත්තටම Facebook අපේ ජිවිත වලට ලොකු වෙනසක් ඇති කලා. (හොඳ හෝ නරක). එ කොහොම වුනත් Facebook දැන් අපිට නැතුවම බැරි තත්වයක් උදා වෙලා...

              කොහොමෙන් කොහොම හරි අද මං කියන්නේ Facebook ගැන නම් නෙමේ. මං කියන්න අදන්නේ Facebook එකට අභියෝගයක් වෙන්න පුලුවන් Social Network සයිට් එකක් ගැනයි. ම්... ඔයාල දැන් හිතයි මං මේ කියන්න යන්නේ Diaspora ගැන කියල. අයියෝ.... නැහැ. Diaspora කියන්නේ දැන් ටිකක් පරණ News එකක්. එක ගැන මං ඉදිරියෙදි සවිස්තරාත්මක ලිපියක් දාන්නයි ඉන්නෙ... ඉතින් මං අද මේ කියන්න යන අලුත්ම Social Network එක තමයි "JUMO" (ජුමෝ).... සමහරු මේ ගැන දන්නවත් ඇති, නොදන්න අය එහෙනම් අහගන්නකො..

              ඇත්තටම Jumo කියන්නේ බොහෝවිට Facebook වලට අභියෝගයක් කළ හැකි මට්ටමේ වෙබ් අඩවියක්. ඔයාල හිතනවා ඇති අයි මං එහෙම කියන්නෙ කියලා. මේකයි.. මේ Jumo වෙබ් අඩවියේ නිර්මාතෘ ක්‍රිස් හියුස් නැමැත්තා Facebook වෙබ් අඩවියේ සම නිර්මාතෘ වීමයි. ඔහු 2007 දී facebook හැර ගිය අතර එකල ඇමරිකාවේ ජනාධිපති තරඟයට තරඟ කළ බැරක් ඔබාමා ගේ නිල අන්තර්ජාල මෙහෙයුම් ප්‍රචාරණ අධ්‍යක්ෂවරයා ලෙස කලයුතු කලා... මේ කොහොම වෙතත් මේ වන විට Jumo ඉතා ඉහළ ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ඉදිරියෙදි Facebook හට ප්‍රබල අභියෝගයක් එල්ල වනු බව නිසැමයි. එත් ක්‍රිස් හියුස් නම් කියන්නේ මේක කාටවත් අභියොගයක් වෙන්න කරපු දෙයක් නොවන බවත්, මෙය හුදෙක් සමස්ථ ලෝක ප්‍රජාවට යහපතක් ඉ‍ටු කිරීම උදෙසා පමණක් මෙය ඇරඹී බවයි.